හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහාත ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ තිබී සොයා ගත් රන් පැහැ ගැන්වූ T – 56 ගිනි අවිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ රඳවාගෙන ප්‍රශ්න කළා.
බම්බලපිටිය ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක රැඳී සිටියදීයි හිටපු අමාත්‍යවරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ උදෑසන අත්අඩංගුවට ගත්තේ.