දුම්රියක ගැටීමෙන් වයස අවුරුදු 14 දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ රඹුක්කන තිස්මල්පොල දුම්රිය ස්ථානයේදී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියේ ගැටීමෙන් මෙම පිරිමි දරුවා මියගොස් ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ මැදගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 14ක් වූ පිරිමි දරුවෙකි.
මියගිය දරුවා තවත් මිතුරන් කිහිප දෙනෙක් සමග රඹුක්කන සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක තිස්මල්පොල දුම්රිය ස්ථානය දක්වා ගොස් දුම්රියෙන් බැසීමේදී මෙම දරුවා පමණක් දුම්රිය වේදිකවට නොබැස දුම්රිය මාර්ගයට බැසීමේදී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියේ ගැටී ඇති බවට සිදු කළ විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා.
රඹුක්කන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.