දුම්රිය ධාවනය අද සිට යථා තත්ත්වයට පත්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ පාලකවරුන් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කෙරුණ ද ඊයේ පස්වරුව වනතෙක් දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් සිදුව තිබුණා.
ඒ අනුව ඊයේ දිනය තුළ කාර්යාල දුම්රිය කිහිපයක් ප්‍රමාද වී ධාවන වී තිබෙනවා.
කෙසේවෙතත් අද සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුකෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.