දුම්රිය සන්නිවේදන පද්ධතිය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය වර්තමානය වන විට ඵලදායී ලෙස ක්‍රියාත්මක නොවන බව ජාතික විගණන කාර්යාලය පවසනවා. දුම්රිය සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් දුම්රිය සන්නිවේදන පද්ධතිය නවීකරණය සඳහා වූ ව්‍යාපෘතිය 2020 වසරේ නොවැම්බර් මාසයේ දී අවසන් කර තිබුණද, එම ව්‍යාපෘතිය මඟින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබී නොමැති බව ඔවුන් පෙන්වා දෙනවා. දුම්රිය සන්නිවේදන පද්ධතිය නවීකරණය සඳහා වූ ව්‍යාපෘතියේ කාර්ය සාධන විගණනය ප්‍රකාශයට පත් කරමින් ජාතික විගනණ කාර්යාලය මේ බව දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් දීප ව්‍යාප්තව දුම්රිය සේවාවේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ අරමුණින් මෙම දුම්රිය සන්නිවේදන පද්ධතිය නවීකරණය සඳහා වූ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබුණා. මේ අතර එම පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ දී ඊට අදාළ සියළු නිලධාරීන් පෞද්ගලිකව සහ සාමූහික වශයෙන් පද්ධතියට ඇතුළත් නොවීම, දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ගිවිසුම් ප්‍රකාරව අදාළ සන්නිවේදන නියෝජිතායතනයෙන් නඩත්තු කටයුතු සිදු කර ගැනීමට පියවර නොගැනීම, සමස්ත පද්ධතියේ කටයුතු සම්බන්ධයෙන් අධීක්ෂණ ක්‍රමවේදයක් නොතිබීම යනාදී ප්‍රධාන දුර්වලතාවන් හේතුවෙන් මේ වන විට ව්‍යාපෘතිය කාර්යක්ෂම සහ ඵලදායී ලෙස ක්‍රියාත්මක නොවන බවටද අනාවරණය වී තිබෙනවා.
උණුසුම් පුවත්
- අවන්හලකට පැන්න අටක් අල්ලයි – කාන්තාවන් තිදෙනෙක් ඒ අතර
- සිසුන් දෙපිරිසක් ගැටී හතරක් රෝහලේ
- කරන්දෙණියේ පුද්ගල ඝාතනයක්
- හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට
- කොත්මලේ වැවන්ඩන් දමිළ මහා විද්‍යාලය රජයේ වෙනත් ගොඩනැගිල්ලකට
- හිටපු ඇමැති ජොන්ස්ටන් FCIDය හමුවට
- කිඹුලෙකු ඩැහැගෙන ගිය පුද්ගලයෙකු අතුරුදන් වෙයි
- මොස්කව් හි ගුවන් තොටුපලවල් කිහිපයක් වසා දැමේ












