බස්නාහිර, සබරගමුව යන පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් තද වැසි පිළිබද අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම ප්‍රදේශවල ජනතාවට වඩාත් සැලකිලිමත් වන ලෙසයි.
නිරිතදිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ද ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා.
හඬ පට ධාවකයමේ අතර කළු ගගේ ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් පැවතීම හේතුවෙන් කුඩා ගඟ ද්‍රෝණියේ පාලින්ද නුවර සහ බුලත්සිංහල අවට පහත් බිම්වල ජනතාවට ගංවතුර තත්ත්වය ගැන අවදානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී තිබෙනවා.
මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එස්.පී.සී.සුගීෂ්වර මහතා.
හඬ පට ධාවකයමේ අතර දිස්ත්‍රික්ක 7 ක ප්‍රදේශ කිහිපයක් සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ගාල්ල, කළුතර, කෑගල්ල, මාතර, හම්බන්තොට, මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සදහා මෙලෙස නායයාමේ අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කරනු ලැබුවා.