දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද දිනයේ අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
ඌව පළාතේ සහ අම්පාර, මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වනවා.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40-45 ක පමණ තරමක තද සුළං ද ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා .
උණුසුම් පුවත්
- ගැඹුර පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 170ක් නැගෙනහිරින්
- වික්ටෝරිය, රන්දෙනිගල සහ රන්ටැඹේ ජල මට්ටම ගැන නිවේදනයක්
- නවගමුවේ ඇඟලුම් කම්හල ගින්නක්
- දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අරියි
- ඉදිරි පැය 24 තීරණාත්මකයි – අවදානයෙන් පසුවන්න
- ශ්‍රී පාද හැටන් මාර්ගයේ සිරිපා කරුණාවට කිසිදු අවදානමක් නෑ
- කසළ එකතු කිරීම බදු ගෙවූ ව්‍යාපාරිකයන්ගෙන් පමණයි
- උඩදුම්බරට භූ කම්පනයක්













