දිට්වා සුළි කුණාටුව මේ වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 60ක් බටහිරට බරව වයඹ දෙසින් කේන්ද්‍රගතවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති.
උතුරු, උතුරු මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත්ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මිලිමීටර 200ට වැඩි ඉතා තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව සදහන් කළේ.
සබරගමුව සහ බස්නාහිර පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීර 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකියි.
තවද දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැ.කි.මි 60-70 දක්වා වන ඉතා තද සුළං සමග විටින් විට හම පැ.කි.මි 80-90 දක්වා වන ප්‍රහාරාත්මක සුළංද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.
උණුසුම් පුවත්
- නත්තල් දිනයට ජනපතිගෙන් අගමැතිනියගෙන් සහ විපක්ෂ නායකගෙන් සුබ පැතුම්
- ලෝවැසි සියලු කිතුනු බැතිමතුන් නත්තල හරසරින් පිළිගනී
- දැක්කොත් දැන්ම පොලිසියට කියන්න
- කුඹුක් අත්තක් කඩා වැටී අයෙක් මරුට
- නත්තල සමරන්න විදේශිකයන් විශාල පිරිසක් නුවරඑළියට
- පාකිස්ථානයේ ජාතික ගුවන් සේවය විකුණයි
- “ශ්‍රී ලංකාව ගොඩනඟමු” වැඩසටහනට චීනයේ සහාය
- මෝදිගෙන් අනුරට ලිපියක්













