දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100 වැඩි තද වැසි ඇතිවිය හැකි අතර, බස්නාහිර පළාතේත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75 වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
උණුසුම් පුවත්
- අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ විද්වත් කමිටු වාර්තාව අගමැතිනියට
- කදුකර ජනතාවට නිවාස හිමිකම් ලබා දීම හෙට ජනපති ප්‍රධානත්වයෙන්
- බිත්තර මිල පහළට
- ප්‍රබල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක්
- සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- ශ්‍රී ලංකා කාන්තා සහ එංගලන්ත කාන්තා ගැටුම අද
- රත්‍රං මිල ඉහලට
- විදුලි බිල ගැන කොමිසමේ තීරණය 14 වැනිදා