Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    2026-02-28

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    2026-02-28

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    2026-02-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි
    • දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්
    • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
    • සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
    • අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
    • සැකකටයුතු මරණ දෙකක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මි.මි. 75 ඉක්මවූ තද වැසි

    දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මි.මි. 75 ඉක්මවූ තද වැසි

    2023-12-11කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිවයිනේ උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද(11) උදෑසන නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

    එසේම මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

    බස්නාහිර, සබරගමු, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවැතිය හැකි බවද නිවේදනය සඳහන්.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණුවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    මේ අතර ඉදිරි පැය 24ක කාලය සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශය සඳහා කාලගුණ අනාවැකියක් නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව පොතුවිල් සිට මඩකලපුව, ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල විශේෂයෙන්

    සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.දිවයින වටා මුහුදු තීරයේ සුළං තත්ත්වය සැලකීමේදී සුළං ඊසාන දෙසින් හමා එන බවත් සුළං වේගය පැයට කිලෝමීටර් 25ත් 35ත් අතර පමණ විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    මුහුදේ ස්වභාවය සැලකීමේදී දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළ දක්වා පවතින බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට ඒම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට ඒම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා

     

    පෙර පුව​තකහතුඩුව සහ මොරගහහේන සලිත කළ අයෙක් මාට්ටු
    ඊළඟ පුව​ත කල් තැබුණු වැට් විවාදය අද – නිදහස් පක්ෂය එරෙහි වෙයි

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    2026-02-28

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    2026-02-28

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    2026-02-28

    දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    2026-02-28
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group