2025 වසරේ මේ දක්වා දියේ ගිලීමෙන් පුද්ගලයින් 257 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මේ අතරට කාන්තාවන් 37 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 220 දෙනෙකු ඇතුළත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසන්නේ.
එමෙන්ම මෙකී අනතුරුවලින් දේශීය සංචාරකයින් 69 දෙනෙකු සහ විදේශීය සංචාරකයින් 33 දෙනෙකු පොලිස් ජීවිතාරක්ෂක කොට්ඨාසය විසින් බේරාගෙන තිබෙනවා.