සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අදයි.
තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
අද දිනය නිමා වන විට තරගයේ සියලු ගෞරව දිනා ගන්නට ශ්‍රී ලංකා පිතිකරණ බලඇණිය සමත් වුණා.
තරගය පළමු දිනට නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 4 දැවී ලකුණු 386 ක් ලබා සිටියා.
ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වෙමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක දිමුත් කරුණාරත්න සිය 15 වන ශතයක ලබා ගත්තා.
දිමුත් ලකුණු 179ක් ලබා සිටියදී දවා ගන්නට අයර්ලන්ත පන්දු යවන්නන් සමත් වුණා.
දිමුත්ට අනගි සහයක් ලබා දෙමින් විශිෂ්ට ඉනිමක් දියත් කළ කුසල් මෙන්ඩිස් සිට ටෙස්ට් ක්‍රිකට් දිවියේ 12 වන ශතයකය රැස් කළා.
කුසල් මෙන්ඩිස් ලකුණු 140ක් ලබා ගත්තා.
දිමුත් සහ කුසල් එක්ව දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 281ක සබඳතාවත් ගොඩනැගුවා. එය ශ්‍රී ලංකාව ඉතිහාසයේ ටෙස්ට් තරගයකදී දෙවන කඩුල්ල වෙනුවෙන් රැස්කළ සිව්වන වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
අද දිනට තරගය නවතා දමන විට දිනේෂ් චන්දිමාල් ලකුණු 18 ක් සහ ප්‍රභාත් ජයසුරිය ලකුණු 12 ක් ලබා නොදැවී ක්‍රිඩා කරමින් සිටියා.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ හෙට දෙවන දිනයයි.
උණුසුම් පුවත්
- ඇල්ල අනතුරින් මිය ගිය පිරිසගේ අවසන් කටයුතු අද
- රුසියාවෙන් යුක්ක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක්
- අනතුරුදායක ලෙස තරගෙට බස් එලවලා වෙච්චි දෙයක්
- තංගල්ලෙන් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගන්නා බවට සැක රසායන ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ
- බිනර පුර පසළොස්වක පොහෝ දිනය අදයි
- ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරන ලෙසට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
- ප්‍රදේශ කිහිපයකට වැසි
- පූර්ණ චන්ද්‍රගහණය අද රාත්‍රියේ