උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, වයඹ, උතුරු, උතුරු මැද පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය බලාත්මක බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
එම ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවැතිය හැකි බවද නිවේදනයේ සඳහන්.














