පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බවට සැක කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතනවා.
අදාළ සැකකරුගේ ඡායාරූපයක් සමග නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ අදාළ පුද්ගලයා මේ වන විට පොලිසිය මගහරිමින් සිටින බවයි.
සැකකරු අංක 56/බී20, මාහේන, කපුගම බටහිර, දෙවිනුවර යන ලිපිනයේ පදිංචි ලෝස් පටබැඳිගේ සඳුන් ටෙලාන් නම් අයෙකි.
මෙම සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වන්නේ නම් දුරකතන අංක 071 859 1876 යන දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අදාළ සැකකරුගේ ඡායාරූපයක් පහත දැක්වේ.














