13 වන සංශෝධනය ශක්තිමත් කිරිමට අදාළ සියලු යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.
ඒ අනුව බලය බෙදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලබන සතියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ අතර පොලිස් බලතල හැර අනෙකුත් බලතල බෙදාගැනීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදි කරුණු පැහැදිලි කිරීමට නියමිතයි.