Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්

    2026-07-24

    EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්

    2026-07-24

    දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්

    2026-07-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්
    • EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්
    • දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්
    • වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලට ගනියි
    • කොළඹ – තලෙයිමන්නාරම දුම්රිය සේවා යළි ඇරඹෙයි
    • ඊශ්‍රායල අගමැතිවරයා අත්අඩංගුවට ගැනමට යළිත් ජාත්‍යන්තරයේ අවදානය
    • බදුල්ල කඳු පන්තියක හදිසි ගින්නක්
    • පිල්ලයාන් නැවතත් රක්ෂිත බන්ධනාගාරට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දශකයක් වැසි ගොස් තිබු උඩුදුම්බර කලවල ප්‍රාථමික විද්‍යාලය නැවතත් සිසු අයිතියට

    දශකයක් වැසි ගොස් තිබු උඩුදුම්බර කලවල ප්‍රාථමික විද්‍යාලය නැවතත් සිසු අයිතියට

    2024-03-10කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දශකයක් වැසි ගොස් තිබු උඩුදුම්බර කලවල ප්‍රාථමික විද්‍යාලය නැවතත් සිසු අයිතියට

    මධ්‍යම පළාත් අධ්‍යාපන ආමාත්‍යාංශය මගින් නව ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක කරනු ලබන පාසල් නගාසිටුවීමේ වැඩසටහන යටතේ වැසීගිය පාසල් නැවත ආරම්භ කිරීමේ ප්‍රවේශය 2024 මාර්තු 06 වන දින මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් තෙල්දෙණිය අධ්‍යාපන කලාපයෙන් ආරම්භ කෙරින.

    මෙලෙස ආරම්භ කරන ලද්දේ තෙල්දෙණිය අධ්‍යාපන කලාපයට අයත් උඩුදුම්බර අධ්‍යාපන කොට්ඨාශයේ කලවල ප්‍රාථමික විද්‍යාලයයි. දුෂ්කර ගම්මානයක පිහිටි මෙම පාසල 1963 වර්ෂයේදී ආරම්භ කොට ඉතා සාර්ථකව පවත්වාගෙන ගොස් ඇති අතර කාලීනව ඇතිවූ විවිධ හේතු පදනම් කරගෙන වැසීයාමට ලක්වී ඇත්තේ 2013 වර්ෂයේදීය. නැවත වසර 10 කට පසුව නව ව්‍යාපෘතිය යටතේ මප /තෙල්/ කලවල ප්‍රාථමික විද්‍යාලය ආරම්භ කිරීම සිදු වූ අතර මෙදින පාසල වෙත දරුවන් ඇතුලත් කර ගැනීම ද සිදු විය.

    පාසල සංවර්ධනය සදහා පළමු අදියර යටතේ නව ගොඩනැගිල්ලක්  ස්ථාපිත කොට ඇති අතර මේ සදහා රුපියල් මිලියන 4.5 යොදවා ඇත. දෙවන අදියරේ දී පාසල නගාසිටුවීම වෙනුවෙන් රුපියල් මිලියන 7 ක් ද වෙන්කොට පවතී. මෙහිදී පාසලේ කටයුතු සදහා අවශ්‍ය උපකරණ හා භාණ්ඩ ප්‍රධානය කිරීමද සිදු කෙරින.

    මෙහීදී අදහසක් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, පාසලක වටිනාකම මිල කල නොහැකි එකක් වනු බවත්, එක් පාසලක් වැසීයාම සමාජය සදහා ඉතා ඉහල සෘණාත්මක බලපෑමක් ඇති කරන බවත් ය. කුසලතාවයන්ගෙන් , දැනුමෙන් මෙන්ම රට ජාතිය සම්බන්ධයෙන් යහපත් ආකල්පයන්ගෙන් ද පෝෂණය වු දරු පරපුරක් රට සදහා අවශ්‍ය බවත්, පාසල් වැසී වලක්වාලමින්, පවත්වා පාසල් මගින් වඩා ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම කෙරෙහි අවධානය යොමු කර කටයුතු කිරීම සිදු කළ යුතු බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා සදහන් කර සිටියේය.

    මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එච්.එම්.යු.බී.හේරත් , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස , තෙල්දෙණිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.කේ.තෙන්නකෝන්, පළාත් විගණන අධිකාරි ඩබ්ලිව්.අබේරත්න, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) කේ.ජි.එස්.නිශ්ශංක , උඩුදුම්බර ප්‍රාදේශය ලේකම් ජයමිණි බෝගහවත්ත , උඩුදුම්බර කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ එන්.කේ.රණවිර , උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ ලේකම් ආර්.දිසානායක, පාසලේ වැඩ බලන විදුහල්පති පි.කේ.කපුකොටුව යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් රැසක් සහභාගී විය.

    පෙර පුව​තපාකිස්තානයට නව ජනාධිපතිවරයෙක්
    ඊළඟ පුව​ත Whatsapp පණිවිඩ හුවමාරු කල වරදට සිසුවෙකුට මරණ දණ්ඩනය

    සබැ​ඳි පුවත්

    බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්

    EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්

    දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්

    වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලට ගනියි

    කොළඹ – තලෙයිමන්නාරම දුම්රිය සේවා යළි ඇරඹෙයි

    බදුල්ල කඳු පන්තියක හදිසි ගින්නක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්

    2026-07-24

    EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්

    2026-07-24

    දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්

    2026-07-24

    වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලට ගනියි

    2026-07-24
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group