පාර්ලිමේන්තුව තුළ, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කතානායකවරයා විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුවෙන් එක් අයෙක් ඉවත්ව තිබෙනවා.
එලෙස ඉවත්ව ඇත්තේ විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතායි.
තමාට ඇති කාර්යබහුලත්වය හේතුවෙන් කමිටුවෙන් ඉවත්වූ බව ඔහු දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.
ගයන්ත කරුණාතිලක මහතාගේ ඉවත්වීමෙන් පසුව ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
සෙසු සාමාජිකයන් වන්නේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හේමාලි වීරසේකර යන මහත්ම මහත්මීන් කටයුතු කරනු ලබනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පසුගිය මැයි 20 වනදා පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී හැසිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින් කතානායකවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුව පත් කර තිබෙනවා.