දඹුල්ල සතිපොළ භූමියේ කඩ කාමරයක් තුළ අද අලුයම ගින්නක් හට ගෙන තිබෙනවා.
කෙසේවෙතත් ගිනිනිවන ඒකකය දැනුවත් කිරීමෙන් පසුව ගින්න මැඩපැවැත්වීමට හැකිව තිබුනා.
ගින්න හටගත් කඩ කාමරය තුළ දඹුල්ල මහනගර සභාව මඟින් පොලිතින් තොග ගබඩාකොට තිබුණු බව ද වාර්තා වනවා.
කෙසේවෙතත් ගින්නෙන් සියලූම පොලිතින් සහ අනෙකුත් ද්‍රව්‍ය විනාශ වී තිබෙනවා.
දඹුල්ල නගර සභාවේ සේවකයෙකු අලුයම සේවයට වාර්තා කරන අවස්ථාවේ දී ගින්න දැක වහාම ගිනිනිවන ඒකකය දැනුවත් කිරීමෙන් පසුව ගින්න මැඩපැවැත්වීමට හැකිව තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ