වර්ෂ 2024 දෙසැම්බර් මාසයේදී යුද නීතිය පැනවීමට උත්සාහ කරමින් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් මෙහෙයවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති යූන් සුක් යොල්වැරදිකරු ද නිවැරදිකරු ද යන්න පිළිබඳව දකුණු කොරියානු අධිකරණය අද තීන්දුව ලබා දීමට නියමිතයි.
මෙම නඩුව මගින් ඔහුට මරණ දඬුවම නියම වීමේ හැකියාවක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
දැඩි අවධානයට ලක්වන මෙම තීන්දුව, ධුරයෙන් නෙරපා හරින ලද යූන් සුක් යොල් සම්බන්ධයෙන් ලැබෙන තීරණාත්මකම තීන්දුවක් වෙනවා.
හදිසි නීතිය පැනවීමට ඔහු දැරූ උත්සාහය ජාතික දේශපාලන අර්බුදයක් ඇති කළ අතර, දකුණු කොරියාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිමත්භාවය දැඩි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.












