දකුණු කොරියාවේ හිටපු අගමැති හන් ඩක්-සූ හට වසර 23 ක සිර දඬුවමක් එරට අධිකරණය විසින් අද නියම කර තිබෙනවා.
ඒ එරට හිටපු ජනාධිපති යුන් සුක් යොල්ගේ පාලන සමයේදී යුද නීතිය පැනවීමට ගත් අසාර්ථක උත්සාහය සම්බන්ධයෙන් .
බලයෙන් පහකරන ලද ජනාධිපති යුන් ගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු යුද නීති පැනවීමේ උත්සාහයක් සම්බන්ධයෙන් වරදකරු වූ පළමු අවස්ථාව මෙය ලෙසයි දැක්වෙන්නේ .
සෝල් මධ්‍යම දිස්ත්‍රික් අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දුන්නා .
2024 වසරේ දෙසැම්බර් 3 වන දින සිදු කරන ලද යුද නීති ප්‍රකාශය රාජ්‍ය විරෝධී කැරැල්ලක් බව එමගින් තහවුරු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා .
76 හැවිරිදි හන්, යුද නීතිය පැනවීමට උත්සාහ කිරීම හේතුවෙන් පසුගිය වසරේ ධුරයෙන් පහ කරන ලද යුන් යටතේ දකුණු කොරියාවේ අගමැතිවරයා ලෙස කටයුතු කළා.
හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කඩිනමින් පාර්ලිමේන්තුවට පැමිණ යෝජනාවක් සම්මත කිරීම නිසා එම යුද නීති ප්‍රයත්නය අඩාල වුණා.
තවද, පසුගිය වසරේ තමන්ව අත්අඩංගුවට ගැනීමට පැමිණි විමර්ශකයින්ට බාධා කිරීමේ චෝදනාව මත හිටපු ජනාධිපති යුන්ට ද පසුගිය සතියේ වසර පහක සිර දඬුවමක් නියම වී තිබුණා.
මෙම යුද නීති සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන විශේෂ රජයේ නීතිඥවරයා, කැරැල්ල මෙහෙයවීමේ චෝදනාව මත යුන්ට මරණ දඬුවම ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා.
එම නඩුවට අදාළ තීන්දුව පෙබරවාරි 19 වැනිදා ලබාදීමට නියමිතයි.













