දකුණු කොරියානු ජනාධිපතිවරණයෙන් ජයග්රහණය කළ ලී ජේ-මියුන්ග් ජනාධිපති ධුරයේ දිවුරුම් දී තිබෙනවා.
ඒ, සෝල් හි ජාතික සභාවේ පැවති පදවි ප්රාප්ති උත්සවයේදීයි.
විපක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ලී ජේ මියුන්ග් මෙම ජයග්රහණය ලබා ගැනීමට සමත් වූයේ දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරයාව දෝෂාභියෝගයකින් බලයෙන් පහකිරීමෙන් අනතුරුවයි.
ප්රකාශිත ඡන්දවලින් සියයට 49.31 ක වැඩි ප්රතිශතයක් දිනාගැනීමට ලී ජේ-මියුන්ග් සමත් වුණා.
ඔහුගේ ප්රතිවාදීන් ලෙස පාලක කොන්සර්වේටිව් පීපල් පවර් පක්ෂයේ කිම් මූන්-සූ සහ තවත් අපේක්ෂකයින් තිදෙනෙකු ජනාධිපතිවරණයට තරග කරනු ලැබුවා.
එහිදි සියයට 41.30 ක ඡන්ද ප්රතිශතයක් ලබා ගැනීමට ප්රතිවාදී කිම් මූන් සූ සමත් වුණා.