IPL තරගාවලියට එක්ව සිටින දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් අට දෙනෙකු යළි සිය රට කැඳවා තිබෙනවා.
ඒ, ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට එක්වීම සඳහායි.
මෙම තරගය මේ මස 30 වනදා ලන්ඩන්වල පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා මොවුන් මේ මස 26 වනදාට පෙර සිය රටට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.
කගිසෝ රබාඩා ලුන්ගි න්ගිඩි, ට්‍රිස්ටන් ස්ටබ්ස්, ඒඩන් මාක්‍රම්, රයන් රිකෙල්ටන්, කෝබින් බොෂ්, මාර්කෝ ජැන්සන් සහ වියාන් මෝල්ඩර් මෙලෙස කැදවා ඇති ක්‍රීඩකයන් වනවා.