දක්ෂිණ අධිවේගී මාර්ගයට අනවසරයෙන් ඇතුළු වී යතුරු පැදියක් ධාවනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කළුතර මතුගම මාර්ගයේ සිට පැමිණ තිබූ සැකකරු දොඩංගොඩ අධිවේගී පිවිසුමෙන් මාතර දෙසට ඇතුළු වී වැලිපැන්න දෙසට යාමට උත්සහ දැරීමේදී පසුපස හඹා ගිය පොලිස් නිලධාරින් පිරිසක් විසින් අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බවටයි පොලිසිය කියා සිටියේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා මතුගම ප්‍රදේශයේ පදිංචි විදුලි කාර්මික ශිල්පියෙකු වන අතර අදාළ සැකකරු දොඩංගොඩ පොලිසිය වෙත භාර දී තිබෙනවා.













