තෛපොංගල් දිනය පැවැති ඊයේ(15) දින හත් හැවිරිදි පාසල් දැරියක් දූෂණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් 35 හැවිරිදි තරුණයෙක් නාවලපිටිය පොලිසිය විසින් අද(16) දින සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවලපිටිය වෙස්වෝර්ල්ඩ් වතු යායේ රිලාගල කොටසේ පාසල් දැරිය සහ සැකකරු පදිංචි බවත් ඊයේ(15) දින පස්වරුවේ බීමත්ව සිටි සැකකරු පාසල් දැරිය නිවසින් මීටර් 500ක් පමණ දුරකට රැගෙන ගොස් දූෂණය කර එම පාසල් දැරිය එම ස්ථානයේම දමා ගොස් තිබෙනවා.
නිවසේ සිටි පාසල් දැරිය නොමැති බව ඥාතීන් සහ එම වතු යායේ පදිංචි වතු කම්කරුවන් එක්ව සෙවීමේදී වතු නිවසට ඉහළින් දැරියක් කෙඳිරි ගසන ශබ්දය ඇසී සොයා බැලීමේදී අතුරුදන්ව සිටි දැරිය ඥාතීන් විසින් පැය හතරකට පමණ පසු සොයාගෙන තිබෙනවා.
එම දැරිය විසින් සැකකරුගේ නම ප්‍රකාශ කිරීමෙන් පසු ඥාතීන් විසින් ඒ සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසියට පැමිණිලි කර පාසල් දැරිය නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු එම පාසල් දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ළමා රෝහල වෙත යොමු කර තිබෙනවා.
ගම්පොළ කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරී එච්.එම්.ඩී. හේරත් මහතාගේ අධීක්‍ෂණය යටතේ නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්. කුලතුංග මහතා එහි විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.













