2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා 6 සිට 10 ශ්‍රේණිය දක්වා වාර පරීක්ෂණ පැවැත්වීම නොකරන ලෙස නැවත වරක් දැනුම් දී තිබෙනවා.
ඒ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින්.
සියලුම විදුහල්පතිවරුන් වෙත නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ මේ සම්බන්ධයෙන් මීට පෙර දැනුම් දී ඇති උපදෙස් අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන ලෙසයි.










