Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    2026-08-31

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    2026-08-31
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු
    • නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි
    • ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට
    • හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට
    • කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
    • මුහුදේ ගිලී අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ
    • විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තෙල් වැඩි වෙද්දි ගණන් උස්සලා ඉවරයි – විද්‍යුත් ත්‍රිරෝද රථ කර්මාන්තශාලාවක්

    තෙල් වැඩි වෙද්දි ගණන් උස්සලා ඉවරයි – විද්‍යුත් ත්‍රිරෝද රථ කර්මාන්තශාලාවක්

    2024-03-08කියවීමට මිනිත්තු 2ක් ගතවේ.87 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වේගා ඉංජිනේරු සමාගම විසින් මරදාන දුම්රිය බඩු ගබඩා සංකීර්ණ භූමියේ අභිනවයෙන් ස්ථාපනය කරන ලද විදුලි ත්‍රීරෝද රථ නිෂ්පාදනය කිරීමේ සහ ත්‍රිරෝද රථ විදුලියට පරිවර්තනය කිරීමේ කර්මාන්තශාලා  සංකීර්ණය ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

    සම්පූර්ණයෙන්ම මෙරටදී නිෂ්පාදනය කෙරෙන වේගා සමාගමේ ELEKTRATEQ ත්‍රිරෝද රථයේ සම්පුර්ණ නිෂ්පාදන ක්‍රියාවලිය මෙම නිෂ්පාදන කර්මාන්තශාලා පරිශ්‍රයේදී සිදු කෙරේ.

    අති නවීන තාක්ෂනය යටතේ ස්වයක්‍රීයව ක්‍රියාත්මක වන තහඩු කැපීම, නැවීම සඳහා යොදා ගැනෙන යන්ත්‍ර, බැටරි නිෂ්පාදන යන්ත්‍ර ඇතුළු තාක්ෂණික උපාංග රාශියකින් මෙම කර්මාන්ත ශාලාව සමන්විත වේ.

    මීට අමතරව දැනට භාවිතයේ පවතින පෙට්‍රල් භාවිතයෙන් ධාවනය වන ත්‍රිරෝද රථයක් පැය දෙකක කාලයක් ඇතුළත සම්පූර්ණයෙන්ම විදුලියට පරිවර්තනය කර දීමට අවශ්‍ය සම්පූර්ණ පහසුකම් මෙම කර්මාන්ත ශාලාව සතුවේ.

    මේ වන විටත් පෞද්ගලික මූල්‍ය ආයතනයක් සමඟ ඒකාබද්ධව එක් මසක් තුළ ත්‍රීරෝද රථ සියයක් විදුලියට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියක් මෙම කර්මාන්තශාලාව තුල ක්‍රියාත්මක වේ.

    ඉදිරියේදී මාකුඹුර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානය ආශ්‍රිතව මගී ප්‍රවාහන සේවාවන්හි නිරත ලියාපදිංචි ත්‍රිරෝද රථ විදුලියට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සලසන  ලෙසද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

    කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ධාරිතාව තවදුරටත් පුළුල් කිරීමත් සමග මෙම කර්මාන්තශාලා පරිශ්‍රය තුළදීම විදුලියට පරිවර්තනය කරන ලද ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම ඇතුළු අනෙකුත් නීතිමය කටයුතු සිදු කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියකු එම ස්ථානයට සේවයේ යෙදවීම සඳහා පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා වෙත උපදෙස් ලබා දුන්නේය.

    එමෙන්ම ඉදිරියේදී ශ්‍රී ලංකාව පුරාම විදුලි ත්‍රීරෝද රථ හඳුනා ගැනීම සඳහා අංක තහඩුවට විශේෂ වර්ණයක් සහ සෑම විදුලි ත්‍රීරෝද රථයක් සඳහාම පරිසර හිතකාමී බව හැඟවෙන ආකාරයේ එකම වර්ණයකින් වර්ණ ගැන්වීමේ වැඩපිළිවෙලක් සඳහාද පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

    ආශ්‍රීත පුවත්:  දෙසැම්බර් අස්වැසුම අද බැංකුවට

    ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් රංජිත් රූබසිංහ මහතා, වේගා ඉංජිනේරු සමාගමේ සභාපති ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා, දුම්රිය සාමාන්‍යධිකාරී එච්. එම්. කේ. ඩබ්. බණ්ඩාර මහතා, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා, ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

    Sri Lanka
    පෙර පුව​තඋණුසුමෙන් මානසික සෞඛ්‍යයට බලපෑම්
    ඊළඟ පුව​ත ඉහළ වත්කම් සහිත පුද්ගලයින් 100ක් ගැන අවදානය 

    සබැ​ඳි පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට

    කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    මුහුදේ ගිලී අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    2026-08-31

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    2026-08-31

    හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට

    2026-08-31
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group