එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති තුන්වැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 22 ක තියුණු ජයක් ලබා ගැනීමට එංගලන්තය කණ්ඩායම ඊයේ සමත් වුණා. තුන්වැනි ටෙස්ට් තරගයේ පස්වැනි සහ අවසන් දිනය ඊයේ ආරම්භ කල අවස්ථාවේදී ලකුණු 193 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුළු 4 ක් දැවී ලකුණු 54 ක් ලබා සිටියා. කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කළ එංගලන්ත පන්දු යවන්නන් තවත් කඩුළු 5 ක් ලකුණු 105 ක් තුළ දවා ගැනීමට සමත් වුණා. වොෂින්ටන් සුන්දර් ලකුණු නොලබා දැවී ගිය අතර නිතිෂ් කුමාර් ලකුණු 13 කටත්, ජස්ප්‍රිත් බුම්රා ලකුණු 5 කටත් දැවී ගියේ ඉන්දීය කණ්ඩායම පරාජයක් අභියසට ඇද දමමින් වීම විශේෂත්වයක්. කෙසේ වෙතත් හුදෙකලා සටනක නිරත වූ රවීන්ද්‍ර ජඩේජා මෙම තරගයේදී අර්ධ ශතකයක් රැස් කළේ ඉන්දීය පිලට ජයග්‍රහණයේ අපේක්ෂාවන් එක් කරමින්. මේ අතර තේ පානය සඳහා තරගය නතර කළ අවස්ථාවේදී ඉන්දිය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 30 ක් අවශ්‍යව තිබූ අතර අතැතිව තිබුණේ එක් කඩුල්ලක් පමණි. මේ අනුව තේ පානයෙන් අනතුරුව අවසන් කඩුල්ල ලෙස මොහොමඩ් සිරාජ් දැවී යාමත් සමග එංගලන්ත පිල මෙම තරගයේදී ලකුණු 22 ක තියුණු ජයක් වාර්තා කරනු ලැබුවා.
උණුසුම් පුවත්
- පොලිස් නිලධාරීන් 35 කට ස්ථාන මාරුවීම්
- හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම්වරියක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි
- ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා භාරයට
- ඉන්දු – ලංකා අවබෝධතා ගිවිසුම් බල රහිත කරන ලෙස ඉල්ලූ පෙත්සම නිශ්ප්‍රභ කෙරේ
- දකුණු කොරියාවට අධික වැසි – ජල ගැලීම් හේතුවෙන් ආපදා රැසක්
- මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
- කළුතරට පැය 12ක ජල කප්පාදුවක්
- සුදුවා ගහලා රිය පැදවූ ලංගම රියදුරුට අධිකරණයෙන් ලැබුණු නියෝගය