ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තිස් පස් වසරකට පසු පළමු වරට එහි සේවක බඳවා ගැනීමේ ක්‍රියාවලියට සැලකිය යුතු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වනවා. එම සංස්ථාවේ පවතින අක්‍රමිකතා පිළිබඳ දිගුකාලීන ගැටළු විසඳීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ. එමෙන්ම මෙම ප්‍රතිසංස්කරණවල ප්‍රධාන කොටසක් ලෙස ශ්‍රම බලකායේ සැලකිය යුතු අඩුවීමක් ඇතුළත් වන බවද වාර්තා වනවා. 2012 වසරේ සිට බඳවා ගත් සේවකයින් 3,000 ක් පමණ ඔවුන්ගේ තනතුරු සමාලෝචනය කරනු ලබන බවත්, ශ්‍රම බලකාය අත්‍යවශ්‍ය සේවකයින් 2,031 ක් දක්වා අඩු කරන බවත්, සංස්ථා ආරංචිමාර්ග සඳහන් කරනවා. මෙම ප්‍රතිව්‍යුහගත කිරීම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ මානව සම්පත් උපාය මාර්ගය නැවත සකස් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවද සඳහන්.
උණුසුම් පුවත්
- හෙම්මාතගම – ගම්පොළ මාර්ගයත් අවහිරවෙයි
- රාජ්‍ය සේවකයන්ට හෙට(28) නිවාඩු දිනයක්
- ජාත්‍යන්තර පාසල් වසා දැමීමට උපදෙස්
- කටුනායකට ගොඩබස්සන්න බැරි වුණොත් කරන්න යන දේ
- අධිවේගයේ ගමන් නොමිලේ යන්න අවස්ථාවක්
- පෙර පාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවලටත් හෙට ඉඳන් නිවාඩු
- දුම්රිය ගමන් වාර කිහිපයක්ම අත්හිටුවයි
- කොළඹ – නුවර මාර්ගයේ තවත් තැනකින් නායයයි













