පුත්තලම-කොළඹ ප්‍රධාන මාර්ගයේ නවදන්කුලම ප්‍රදේශයේ අනතුරක් සිදුව තිබෙනවා.
අද(12) උදෑසන සිදු වූ අනතුරෙන් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය පවසන්නේ මෝටර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් මෝටර් රථයේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි අයෙක් මරණයට පත්ව ඇති බවත් තුවාල ලැබූ තවත් අයෙක් හලාවත රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුර සම්බන්ධයෙන් මුන්දලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













