මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා .
මධ්‍යම තැපැල් හුවමාරුව ස්ථාපිත කර ඇති මහල් 8ක ගොඩනැගිල්ලේ අක්‍රීය වී ඇති විදුලි සෝපානය අලුත්වැඩියා නොකිරීමට විරෝධය පළකරමින් ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කර තිබෙනවා .
ඔවුන් පවසන්නේ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවයේ නිරත සියයට 40කට ආසන්න කාන්තාවන් ඉන් අපහසුතාවයට පත්ව ඇති අතර ඒ අතර ගැබිණි මව්වරුන්ද සිටින බවයි .
විදුලි සෝපානය අක්‍රීය වී වසරකට ආසන්න කාලයක් ගතවුවද එය අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් තැපැල් මළු ගොඩනැගිල්ල තුළ එහා මෙහා ගෙනයාමට සේවකයින්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බව ද සදහන් .
උණුසුම් පුවත්
- ව්‍යාජ ලේඛන සැකසූ අයෙක් අත්අඩංගුවට
- සහල් ලොරියක් මින්නේරියේදී පෙරලි අනතුරක්
- ඇළට වැටුණු සිව්හැවිරිදි දැරියගේ සිරුර ඩෙවෝන් ඇලෙන් හමුවෙයි
- අමෙරිකාවේ සුපිරි වෙළෙඳසැලක පිහි ඇනුමක්
- වසරේ ගත වූ කාලය තුල සංචාරක පැමිණීම් ලක්ෂ 13 ඉක්මවයි
- පුලියන්කුලමේ රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට
- අමෙරිකානු ගුවන් යානයක ගින්නක්
- 2025 ලෝක AI සමුළුව චීනයේ දී