සියලු තැපැල් කාර්යාලවල සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමය සඳහන් කළේ, පස්වරු 4 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් වැඩවර්ජනයක නිරත වන බවයි.
ඒ, අතිකාල ගැටලුව, ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පැමිණීම හා පිටවීම සටහන් කිරීම ඇතුලු කරුණු 19 ක් මුල් කරගනිමින්.
මෙම වැඩ වර්ජන ක්‍රියාත්මක වන්නේ අද සිට සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති පසුබිමකදී යි.
මේ අතර තැපැල් සේවකයින් ඊයේ උදෑසන සිට අතිකාල සේවාවලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක ද නිරත ව ඇති බවයි වාර්තා වුනේ.
උණුසුම් පුවත්
- කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට
- කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්
- විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
- රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
- දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි














