ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් පසුගිය 17 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කෙරුණු තැපැල් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පස්වන දිනටත් අද(22) දිනයේද ක්‍රියාත්මක වනවා.
එවැනි පසුබිමක කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට පොලිස් ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ කොන්දේසිවලට යටත්ව වර්ජනයට අවසන් කිරීමට අදාළ සාකච්ඡා සඳහා සහභාගිවීම ප්‍රතික්ෂේප කරන බවයි වර්ජකයන් පවසන්නේ.
කෙසේ වෙතත් අමාත්‍යවරයා ඊයේ(22) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ඇඟිලි සලකුණු අනිවාර්ය කිරීම සහ අතිකාල පිළිබඳ තීන්දුව කිසිසේත්ම හකුලා ගැනීමට රජය කටයුතු නොකරන බවයි.
ඒකාබද්ධ තැපැල් වෘත්තී සමිති පෙරමුණේ සම කැඳවුම්කරු එච්.ඒ. නිහාල් මහතා කියා සිටියේ හමුදාව යොදවා තැපැල් කටයුතු සිදු කරගෙන යාමට කටයුතු කරමින් සිටින බවට ආරංචි ලැබී ඇති බවයි.
එහෙත් එය සාර්ථක නොවන බවත් හමුදාව යොදා තැපැල් කටයුතු සිදු කළ නොහැකි බවත් ඔහු කියා සිටිනවා.
හමුදාව හමුදාමය කටයුතුවලට දක්ෂයන් වුවද තැපැල් කටයුතුවලට දක්ෂයන් නොවන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.