වයස අවුරුදු 11න් පහළ ලෝක මේස පන්දු ශ්‍රේණිගත කිරීම්හි ප්‍රථම ස්ථානය හිමිකරගෙන සිටින ශ්‍රී ලංකාවේ දස හැවිරිදි තාවි සමරවීර, 2026 වසරේ සිය ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම දිනා ගැනීමට සමත්ව තිබෙනවා.
ඒ බහරේන්හි පැවති වර්ල්ඩ් යුත් කන්ටෙන්ඩර් ජාත්‍යන්තර මේස පන්දු තරගාවලියේදී 11න් පහළ පිරිමි ඒකල ශූරතාව දිනාගනිමින්.
අවසන් මහ තරගයේදී බහරේනයේ යූසුෆ් අල්බානා පරාජය කරමින් තාවි සමරවීර ශූරතාව දිනා ගැනීමට සමත් වුණා.










