තායිලන්ත අග්‍රාමාත්‍ය කාර්යාලයේ උප ඇමති විශ්‍රාමික ජෙනරාල් නිපාට් තොන්ග්ලික් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබෙනවා
දෙරට අතර ආරක්ෂක හුවමාරුව පිළිබඳ අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ පොලිස්පතිවරයා සමඟත් කළ ඵලදායි සාකච්ඡා පිළිබඳව උප අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරිය දැනුවත් කලා
මිනිස් ජාවාරම මැඩලීමේ වැඩපිළිවෙල පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා කළ අතර මියන්මාරයේ මිනිස් ජාවාරමට හසුව සිටින ශ්‍රී ලාංකිකයන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා තායිලන්ත රජය දක්වන සහය පිළිබඳව ප්‍රශංසාව පළ කළ අග්‍රාමාත්‍ය අමරසූරිය, දැනට විපතට පත්ව සිටින ඉතිරි ශ්‍රී ලාංකිකයන් 18 දෙනා නිදහස් කර ගැනීම සඳහා තවදුරටත් සහාය අපේක්ෂා කරන බවද පැවසුවා