අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත අක්තපත්‍ර භාර දී ඇත.
කැනඩා මහකොමසාරිස් ඉසබෙල් මාරි කැතරින් මාටින්, නෙදර්ලන්ත රාජධානියේ තානාපති වීබේ ජැකෝබ් ඩී බෝයර්, ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ජෝන් ඩක්වර්ත්, ඇල්ජීරියානු මහජන ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ තානාපති ඇඩ්ඩනෝර් හොලිෆි සහ අයිස්ලන්තජනරජයේ තානාපති බෙනඩික්ට් හස්කුන්ඩ්සන් යන අය මෙලෙස අක්තපත්‍ර භාරදී ඇත.











