ත්‍රීරෝද රථ කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගල්කිස්ස කොට්ඨාස අපරස විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත කහතුඩුව, පොල්ගස්ඕවිට ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 700ක් හා හෙරොයින් ග්‍රෑම් 05 මිලග්‍රෑම් 300ක් සොයාගෙන තිබෙනවා.
සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී මොවුන් කුලී ගමන් යන මුවාවෙන් ත්‍රීරෝද රථවල ගමන් කර රියදුරන්ගේ මුහුණුවලට මිරිස්කුඩු ගසා එම ත්‍රීරෝද රථවල ගමන්කර රියදුරන්ගේ මුහුණුවලට මිරිස්කුඩු ගසා එම ත්‍රීරෝද රථ කොල්ලකෑම් සිදුකර ඇති බව අනාවරණය වී ඇති අතර එක් සැකකරුවෙක්ගේ බිරිඳක්ද මෙම කොල්ලකෑම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය කියා සිටියේ.
සැකකරුවන් වයස අවුරුදු 24ක් සහ 27ක් වූ කලවාන සහ කහතුඩුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකාරිය වයස අවුරුදු 29ක් වූ කහතුඩුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මොවුන් විසින් කහතුඩුව, බොරලැස්ගමුව හා මොරගහහේන පොලිස් වසම්වලදී මෙලෙස ත්‍රීරෝද රථ කොල්ලකා ඇති අතර කොල්ලකන ලද ත්‍රීරෝද රථ හතරක්ද නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි පොලිසිය කියා සිටියේ.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.