අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 25ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් එම ත්‍රීරෝද රථයේ ගමන් ගත් රියදුරුවරයා තුවාල ලබා ඇති බව බගවන්තලාව පොලිසියි පවසනවා.
ඊයේ(20) රාත්‍රී 9ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ හැටන් බගවන්තලාව මාර්ගයේ බගවන්තලාව තේ කර්මාන්ත ශාලාව ආසන්නයේදීයි.
ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් අනතුරට හේතු වී ඇති බවත් ත්‍රීරෝද රථය අනතුරට පත්වන විට එහි රියදුරා පමණක් ගමන් කර ඇති බවත් පොලිසිය පවසනවා.
අනතුරින් ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදුව ඇති බව අනතුර සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කරනු ලබන බගවන්තලාව පොලිසිය පවසනවා.