ගම්පොළ සිට හැටන් දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් අඩි පනහක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
වටවල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේදී එහි එකම පවුලේ මව, පියා සහ අවුරුදු හතරක් සහ දෙකක් වයසැති දරු දෙදෙනාත් සිට තිබෙනවා.
අනතුරුන් මව සහ දරුවන් දෙදෙනා තුවාල ලබා ඇති බවත් ඔවුන් වටවල රෝහලට ඇතුළත් කර ඇති බවත් වාර්තා වනවා.
වංගු සහිත මාර්ගයකදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
ත්‍රීරෝද රථය පාලනයෙන් ගිලිහීයාම අනතුරට හේතුවී ඇති බවට මූලික පරීක්‍ෂණවලදී අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.