ත්‍රීරෝද රථයක් කොල්ලකෑ බව කියන සැකකරුවන් අට දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොටහේන පොලිසිය කියා සිටියේ, කොටහේන සංඝරාජ මාවත ප්‍රදේශයේ හෝටලයක් අසලදී අදාළ ත්‍රීරෝද රථය කොල්ලකා ඇති බවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ස්ටේට්ස් පාර කොළඹ 14 යන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ත් 53ත් අතර වයස්වල පසුවන සැකවරුන් අට දෙනෙකි.
පොලිසිය කියා සිටියේ පැමිණිලිකරු ත්‍රිරෝද රථය කුළි පදනම මත ධාවනය කරන බවයි.
අදාළ ත්‍රීරෝද රථය පැමිණිලිකරු සන්තකයේ තිබියදී සැකකරුවන් විසින් පැහැරගෙන ගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදු කරන ලද විමර්ශනවලින් අනතුරුව සැකකරුවන් සහ පැහැරගෙන ගොස් තිබූ ත්‍රිරෝද රථය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කොටහේන පොලිසිය වැඩිදු විමර්ශන සිදු කරනු ලබනවා.