නොච්චියාගම පොලිස් වසමේ පුත්තලම – ත්‍රිකුණාමලය මාර්ගයේ 56 වන කණුව ආසන්නයේදී ඊයේ රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.
නොච්චියාගම දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් පදිකයෙකුගේ ගැටී අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සදහන් කලේ.
අනතුරින් යතුරුපැදිකරු, පසුපැදිකරු හා පදිකයා තුවාල ලබා නොච්චියාගම රෝහලට ඇතුළත් කර තිබුනා.
එහිදී වයස අවුරුදු 71ක් වූ නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි පදිකයා මියගොස් ඇති බවයි රෝහල් ආරංච් මාර්ග සදහන් කලේ.