
තල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා නව වෙළෙඳපොළක් සහ ආයෝජන අවස්ථා නිර්මාණය කිරීමේ අරමුණින් ජාතික ප්‍රදර්ශනයක් වවුනියාවේදී ආරම්භ කර තිබෙනවා. තල් සංවර්ධන මණ්ඩලය පිහිටුවා වසර 48ක් සපිරීම නිමිත්තෙන් සහ මෙරට තල් නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධාන කළ ‘තල් ආශ්‍රිත නිෂ්පාදන ජාතික ප්‍රදර්ශනයණ අගොස්තු 07 වනදා වවුනියාව නගර සභා ක්‍රීඩාංගණයේදීයි ආරම්භ කෙරුණා. ඒ වැවිලි කර්මාන්ත සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. උතුරු පළාතේ සාම්ප්‍රදායික තල් කර්මාන්තය හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා නව වටිනාකමක් එක් කරමින්, තල් ආහාර නිෂ්පාදන, අත්කම් නිර්මාණ ඇතුළු විවිධ නිෂ්පාදන රැසක් ප්‍රදර්ශනය කෙරෙන ප්‍රදර්ශන කුටි විශාල සංඛ්‍යාවක් මෙහි ස්ථාපිත කර තිබුණා. තල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා පවතින දේශීය හා විදේශීය ඉල්ලුම තවදුරටත් පුළුල් කිරීම මෙන්ම, මෙරට දිස්ත්‍රික්ක 11ක් තුළ තල් කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා නව පියවර ගැනීම මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණ වුණා.














