
ස්ථාන දෙකකදී තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක්කර මෝටර් රථයෙන් පලායමින් සිටි පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු හෝමාගම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොට්ඨාශයේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් බවයි වාර්තා වන්නේ. හයිලෙවල් පාර, මීගොඩ ඉන්ධන පිරවුම්හල අසලදී සහ වටරැක 20 කණුව ආසන්නයේදී මෙම අනතුරු සිදුකර ඇති බව මීගොඩ පොලීසිය ප්‍රකාශ කළා.














