තඹලගමුව, පන්විල සහ අරණායක යන ප්රාදේශීය සභාවල සභාපති ධුරයතමන් සතු කරගැනීමට සමජගි ජනබලවේගය සමත්ව තිබෙනවා.
මෙම ප්රාදේශීය සභාවන්හි සභාපතිවරයා තෝරා ගැනීමට අදාළව ඡන්ද විමසීම අද(19) දිනයේදී පැවැත්වුණා.
ඒ අනුව එම ප්රාදේශීය සභා තුනේ බහුතර බලය ලබාගැනීමට සමත් වූයේ සමගි ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ සභිකයන් තිදෙනෙකි.
ඒ අනුව තඹලගමුව ප්රාදේශීය සභාව වෙනුවෙන් බහුතර බලයක් ලබාගෙන සභාපතිවරයා ලෙසට පත්වූයේ තාලිබ් අලී මහතායි.
අරුණ ශාන්ත මහතා බහුතර ඡන්ද ප්රමාණයක් ලබා ගනිමින් මහනුවර දිස්ත්රික්කයේ පන්විල ප්රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත් වූවා.
කෑගල්ල දිස්ත්රික්කයේ අරණායක ප්රාදේශීය සභාවේ සභාපතිවරයා බහුතර බලයෙන් තේරී පත්වූයේ සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ මංජුල සෙනෙවිරත්න මහතායි.