පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 17ක පුද්ගලයින් 18376 කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.
අයහපත් කාලගුණයෙන් සිදු වූ අනතුරුවලින් නිවාස 628කට අර්ධ හානි සිදුව ඇති අතර මේ වන විට පුද්ගලයින් හතරදෙනෙකු මියගොස් ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.
මේ අතර ගත වූ දින කිහිපයේ ඇති වූ අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයින පුරා ඇති ගංගා රැසක් පිටාර මට්ටමට ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එහි ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ අධ්යක්ෂ එල්.එස් සූරිය බණ්ඩාර මහතා සඳහන් කළේ කැළණි, කළු සහ අත්තනගලු ඔය යන ගංගාවල ද ජල මට්ටම් ඉහළ යමින් පවතින බවයි.
මේ අතර අද උදෑසන 6.00න් අවසන් වූ පැය 12ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
මිලිමීටර් 84.40ක වර්ෂාපතනයක් මෙලෙස වාර්තා වී ඇති බවයි වාර්තා වන්නේ.
අද දිනයේත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, උතුරු සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.













