තණමල්විල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයට අයත් කිතුල් කොටේ ප්‍රදේශයේ දී මෝටර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
මාර්ගය හරහා මාරු වෙමින් සිටි තලගොයෙක් බේරා ගැනීම මෝටර් රථයේ රියදුරු උත්සාහ දරා ඇති අතර එම අවස්ථාවේ දී ඉදිරියෙන් පැමිණි යතුරුපැදියේ මෝටර් රථය ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුරින් එක් අයෙකු එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත් වී ඇති අතර තුවාල ලැබූ අනෙක් පුද්ගලයා තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා ඇති බව පොලිසිය සඳහන් කළා.
අනතුරින් මියගොස් ඇත්තේ ඌව කුඩාඔය තණමල්විල ලිපිනයේ පදිංචි වයස අවුරුදු විසිනවයක පුද්ගලායෙකු වන අතර අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.