රුසියානු ආක්‍රමණයකට එරෙහිව සටන් කිරීමට සහාය වීමක් ලෙස යුක්‍රේනයට පේට්‍රියම් ගුවන් ආරක්ෂක මිසයිල යොදවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් උදෑසනට හොඳින් කතා කළද සවසට බෝම්බ හෙළනවා යනුවෙන් සඳහන් කරන ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ හේතුවෙන් පේට්‍රියට් ගුවන් ආරක්ෂක මිසයිල යුක්‍රේනයට ලබා දීම අත්‍යාවශ්‍ය බවද සඳහන් කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මේ අතර මිසයිල කොපමණ ප්‍රමාණයක් යුක්‍රේනයට ලබා දෙන්නේ ද? යන්න සම්බන්ධයෙන් අමෙරිකාව මෙතෙක් කිසිඳු ප්‍රකාශ කර නැහැ. කෙසේ වෙතත් නේටෝව විසින් ඒ සඳහා වූ අරමුදල් සපයනු ඇති බවද විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා.
උණුසුම් පුවත්
- වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි
- මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර
- රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්
- නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට
- නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට
- ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්
- දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
- කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට














