ඩෙන්මාර්ක් රජය සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළ ද්විපාර්ශ්වික ගිවිසුමක් අත්සන් තබා තිබෙනවා.
නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවබෝධතා ගිවිසුම අවසන් කිරීමෙන් හා ද්විපාර්ශ්වික සාකච්ජාවලින් අනතුරුව, ඩෙන්මාර්ක් රජය, හිඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් ණය සහන පියවරක් ලබාදීමටයි එකඟ වී තිබෙන්නේ.
මෙම ගිවිසුම යටතේ ප්‍රතිව්‍යුහගත කරන ලද ඇස්තමේන්තුගත ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 39 ක් වනවා.
මෙය විදේශ ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රියාවලියේ තවත් එක් වැදගත් සන්ධිස්ථානයක් බවටයි සදහන් වන්නේ.
මෙම ද්වීපාර්ශ්වික ගිවිසුමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ ඩෙන්මාර්ක් රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය ලාර්ස් ලොක් රස්මුසෙන් අත්සන් තබා තිබුණා













