
වසරේ මුල් මාස 6 තුළ සිදුකළ ඩෙංගු පරික්ෂා කිරීම්වලදී ඩෙංගු වාහක මදුරු කීටයන් බෝවන ස්ථාන වැඩිම සංඛ්‍යාව හමුවී ඇත්තේ පාසල්වලින් බව අනාවරණ වී තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව මේ බව අනාවරණය වී ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා කාලය තුළ දිවයිනේ පරිශ්‍ර 250,477ක් පරීක්ෂාවට ලක්කර ඇති බව සදහන්. ඉන් ඩෙංගු වාහක මදුරු කීටයින් වැඩිම ප්‍රමාණයක් සොයාගෙන ඇත්තේ පාසල් පරිශ්‍රවලින් බවයි දැක්වෙන්නේ. පරික්ෂාවට ලක්වූ පාසල් අතරින් 42.5%ක ඩෙංගු වාහක මදුරු කීටයන් හමුවී තිබෙනවා.














