
මෙරට වැඩිහිටි ජනගහනයෙන් 10%ක් පමණ වකුගඩු රෝගයෙන් පීඩා විඳින බවට හඳුනාගෙන ඇති බව වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුපමාද සිල්වා මහත්මිය පවසනවා. වෛද්‍යවරිය පැවසුවේ මීට අමතරව හඳුනා නොගත් සහ පරීක්ෂණවලට භාජනය නොවූ වකුගඩු රෝගීන් විශාල ප්‍රමාණයක්ද මෙරට තුළ සිටිය හැකි බවයි. වකුගඩු රෝගයට ප්‍රධානම හේතුව වී ඇත්තේ දියවැඩියාව බව පැවසූ වෛද්‍යවරිය අනෙකුත් ආසියානු රටවලට සාපේක්ෂව වැඩිම දියවැඩියා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේද මෙරටින් බවද සඳහන් කළා. එය ප්‍රතිශතයක් ලෙස 25%ක අගයක් ගන්නා බවයි ඇය අවධාරණය කළේ.














