
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 81,511 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම කාල සීමාව තුළ ඩෙංගු මරණ 61ක් ද වාර්තා වී ඇති බවයි එම ඒකකය ප්‍රකාශ කළේ. මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ජූලි මාසයේ වාර්තා වී ඇති බව සඳහන්.














