
කොළඹ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු මර්දනයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 දෙනෙකුට ද ඩෙංගු රෝගය වැළදී තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික් ශාඛාවේ සභාපති අමිත් කුමාර මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සෙසු පිරිසට ද ඩෙංගු වැළදී ඇති බවත් කොළඹ දිස්ත්‍රික්කය පුරාවට මේ වනවිට ඩෙංගු වසංගත තත්ත්වය වර්ධනය වෙමින් පවතින බවයි.














